.webp)
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනු කළ කරුණු සැලකිල්ලට ගනිමිනි.
පොලීසිය පැවසුවේ, අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරයාගෙන් බන්ධනාගාරයේදී ප්රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බවයි.
මේ අතර, අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු නාවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නවීන් ධනේෂ් නැමැති අයෙක්.
අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී එහි තිබි වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්රන්ඩ් ඇන්ඩ් ටු වර්ගයේ බලපත්ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්ර සහිත පිස්තෝලයක් , එම උණ්ඩ 20 ක් සහ එස්.එල්.ජි සිරෝ වන් ටු ත්රි රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.
ඉකුත් රජය සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්රියාත්මකයි.