දේශබන්දු ගැන නිවේදනයක්..

දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශනයක්... - පොලීසිය

by Staff writer 01-05-2025 | 10:51 PM

COLOMBO (News 1st)-

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනූව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

‍පොලීසිය සඳහන් කළේ, අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඒ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය, දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම්දීමක් ද, කර තිබේ.

පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ, ප්‍රබල අපරාධ කල්ලියක්, එලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන එල්ල කර ඇති බවටයි.