.webp)
අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේ ඔහු කියා සිටියේ,වාණිජමය ජයග්‍රහණ අත්පත් කරගැනීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බවයි.
යුරෝපා සංගම් වෙෙළඳපොළට ඇති වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP+ ලෙස හඳුන්වන්නේ අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන තිරසර සංවර්ධනය සහ යහපාලනය සඳහා වන විශේෂ දිරිගැන්වීමේ සැලැස්මකි.
මෙම සහනය මගින් ඇඟලුම්, ධීවර, පිඟන් මැටි සහ රබර් ඇතුළු ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා සංගමයේ රටවල් 9 කට තීරු ගාස්තු සහනයක් හිමිවී තිබේ.
මෙම සහනය මගින් මිල තරගකාරිත්වය අඩුකර යුරෝපයට භාණ්ඩ අපනයනය කිරීමේ වාසිය හිමියි.
යුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීම සඳහා මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් ඇතුලු ජාත්‍යන්තර සම්මුති 27 ක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය වසර දෙකකට වරක් සමාලෝචනය කිරීම සිදුවේ.
ඒ අනුව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා ඇතුලු නියෝජිත පිරිස මේවනවිට ශ්‍රී ලංකාවට පැමිණ එම සමාලෝචනය ආරම්භකර ඇති අතර අද (30) ජනාධිපතිවරයා හමුවූයේ එහි පියවරක් ලෙසයි.
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තුළින් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටත් වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට සූදානම් බවත් මෙහිදී චාල්ස් වයිට්ලි මහතා පවසා තිබේ.
ඔහු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ අවධාරණය කර තිබුනේ
මෙම සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ස්තුතිය පළ කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වාදී තිබුනේ, යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට පැවැති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයන්ගේ නාස්තිය හා දුෂණය හේතු වූ බව සදහන්කල ජනාධිපතිවරයා මෙරට යළි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් යුරෝපා සංගම් නියෝජිතයින්ට පෙන්වාදී තිබෙනවා.