අසාද් මවුලානා දිවයිනට පැමිණීමට සූදානමින්..

පාස්කු විමර්ශන වලට සහය වෙන්න අසාද් මවුලානා දිවයිනට පැමිණීමට සූදානමින්..

by Staff writer 02-02-2025 | 10:08 PM

COLOMBO (News1st) - පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අසාද් මවුලානා යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද පොලිසිය පවසයි.

අසාද් මවුලානා මේ වනවිට දේශපාලන රැකවරණය ඉල්ලා විදෙස් ගතව සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ, අසාද් මවුලානා සිය කැමැත්තෙන් මෙරටට පැමිණි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට සහය දැක්වීමට සූදානම්ව සිටින බවයි.