පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි..

පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි..

by Staff writer 25-04-2024 | 7:43 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම ,වයඹ සහ දකුණු පළාත්වල අද(25) පස්වරු  2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එමෙන්ම ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේත් වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.