ශ්‍රී ලංකා යොවුන් පිල UAE පිලට පරදී..

ශ්‍රී ලංකා යොවුන් ක්‍රික⁣ට් පිල UAE කණ්ඩායමට පරදී..

by Chathuranga Rajapaksha 11-12-2023 | 9:17 PM

COLOMBO (News 1st) - ඩුබායිහිදී පැවැත්වෙන යොවුන් ආසියානු ක්‍රිකට් කුසලානයේ UAE කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද පරාජයට පත්විය.

යොවුන් UAE කණ්ඩායමක් ඉදිරියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය වේ.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 220ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ UAE යොවුන් කණ්ඩායම කඩුලු 8ක් පමණක් දැවී තිබියදී පන්දුවාර 48යි පන්දු 2ක් තුළ ලකුණු 224ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.