හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්..

ඉල්ලීම් ඉටු නොකරන්නේ නම්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත ගැන විශ්වාසයක් තියාගන්න එපා.. - හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්..

by Staff writer 11-12-2023 | 7:08 AM

COLOMBO (News 1st) – සිය ඉල්ලීම් ඉටු නොකරන්නේ නම්, ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තබා නොගන්නැයි හමාස් සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි. 

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබූ ඔබෙයිදා සඳහන් කළේ, හුවමාරුවකින් තොරව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් නොවන බවයි.

සාකච්ඡාවලින් තොරව වෙනත් රහසිගත මෙහෙයුම් දියත් කළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකු ප්‍රාණය සහිතව සිය භූමියෙන් පිටව නොයනු ඇති බව ඔහු අවධාරණය කළේ ය.

පසුගිය පළමු වැනිදා ආරම්භ වූ සටන් විරාමයේදී පලස්තීන සිරකරුවන් 240 දෙනෙකු වෙනුවට ප්‍රාණ ඇපකරුවන් 105 දෙනෙකු නිදහස් කෙරිණ.

ඊශ්‍රායල ජාතිකයින් 80 දෙනෙකු ඊට ඇතුළත් ය. 

මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ, යුද්ධය උග්‍ර වෙමින් පවතින බවයි.

එය හමාස් සංවිධානය අවසන් වීමේ ආරම්භයක් බව ද, ඔහු පැවසුවේ ය.