විදේශ ඇමති කටාර් රාජ්‍යයේ සංචාරයක..

විදේශ ඇමති කටාර් රාජ්‍යයේ සංචාරයක..

by Staff writer 09-12-2023 | 8:51 AM

COLOMBO (News 1st) –  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද(09) සිට ලබන 12 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වෙයි. 

ඒ, දෝහා සංසදයේ සමුළුවට සහභාගී වීම සඳහා ය.

දෝහා සංසදය යනු, කටාර් රාජ්‍යය විසින් අනුග්‍රහය දක්වන ගෝලීය වේදිකාවකි.

ලෝකය මුහුණ දෙන තීරණාත්මක අභියෝග සාකච්ඡා කිරීම සඳහා නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම එහි අරමුණයි.

මෙම සංචාරයේදී විදේශ අමාත්‍යවරයා, කටාර් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.