මහව - අනුරාධපුර දුම්රිය ධාවනය මාස 06කට නවතී..

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය මාස 06කට අත්හිටුවයි..

by Staff writer 09-12-2023 | 3:52 PM

COLOMBO (News 1st)  - උතුරු දුම්රිය මාර්ගයේ,  මහව සිට අනුරධපුරය දක්වා දුම්රිය ධාවනය ලබන මස 07 වැනිදා සිට මාස 06ක කාලයක් අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙනි.
 
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව ලබන මස 07 වැනිදා සිට කොළඹ කොටුව සිට මහව දක්වාත් කන්කසන්තුරයේ සිට අනුරාධපුරය දක්වාත් දුම්රිය ධාවනය සිදු කරන බවයි.