වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි..

අපේක්ෂා රෝහලේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි.. - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය

by Staff writer 09-12-2023 | 7:40 AM

COLOMBO (News 1st) – මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික වේදීන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඇපා මහතා පැවසුවේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බවයි.