රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ නිකුත් කිරීමට යයි

by Staff writer 07-12-2023 | 6:42 AM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පොලීසිය, බන්ධනාගාර, පරිවාස වැනි ආයතන සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු ක්‍රියා කළ යුතු ආකාරය මානසික රෝගියෙකු ඇතුළත් කර රැකබලා ගැනීම සහ ප්‍රතිකාර කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් ද එම මාර්ගෝපදේශ නිකුත් කිරීමේදී අවධානය යොමු කිරීමට සැලසුම් කර තිබේ.

දෙසැම්බර් 10 වැනි දාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව එළඹෙන 11 වැනි දා මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ ය.