කටුනායක හා චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

සුළි කුණාටුව හමුවේ කටුනායක හා චෙන්නායි අතර ගුවන්ගමන් තාවකාලිකව නවතී

by Staff writer 05-12-2023 | 6:07 AM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබේ.

ඒ, දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් ඊයේ (04) දින ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවයි.

නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.