.webp)
COLOMBO (News 1st) - ගුරු - විදුහල්පති සමිති සංධානයේ ලේකම් ජෝශෆ් ස්ටාලින්, ලංකා ගුරු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රවේශය දක්වා මහජන පීඩාවක් සිදුවිය හැකි ආකාරයේ ක්‍රියාවන් පමණක් වළක්වාලමිනි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ. පී. එස්. හර්ෂන් මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, සාමාකාමී ලෙස විරෝධතා සිදුකිරීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මෙමගින් කිසිදු බාධාවක් නොවන බව අධිකරණ නියෝගයේ සඳහන් ය.