අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 05-12-2023 | 6:10 AM

COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (05) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව අද දහවල් වනවිට ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් බලාත්මකයි.

ඒ අනුව මහනුවර පස්භාගේ කෝරලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රත්නපුර දිස්තික්කයේ ඇලපාත, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල කළුතර, මහනුවර,කෑගල්ල මාතර, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 යටතේ ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.