ගංවතුර සහ නායයෑම්වලින් ටැන්සානියාවේ 47ක් මරුට..

ගංවතුර සහ නායයෑම්වලින් ටැන්සානියාවේ 47ක් මරුට..

by Staff writer 04-12-2023 | 9:23 AM

COLOMBO (News 1st) –  ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ටැන්සානියාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇති බවයි .

පුද්ගලයින් 80 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා අතැයි විදෙස් මාද්‍ය වාර්තා කළේ  ය

එරට යටිතල පහසුකම් රැසක් ගංවතුර සහ නායයෑම්වලින් විනාශ වී ඇතැයි සඳහන් ය .

පසුගිය මාසයේදී ද අධික වර්ෂාපතනය හමුවේ, අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොඩනැගිලිවලට පවා දැඩි බලපෑමක් එල්ල විය. 

පවතින අධික වැසි තත්ත්වය මේ මස අවසන් වනතුරුම පවතිනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අඟවයි.