ව්‍යසායකයින්ට 2% පොලියට ණය..

ව්‍යසායකයින්ට 2% පොලියට ණය.. - ප්‍රසන්න රණවීර

by Staff writer 03-12-2023 | 8:15 AM

COLOMBO (News 1st) – ව්‍යවසායකයන් සඳහා 2% පොලී සහනය යටතේ ණය ලබාදීමට කටයුතු කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇති බවයි.

මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 2.8% ක් ව්‍යවසායකයින් ය.

2028 වසර වනවිට එම ප්‍රමාණය 10% ක් දක්වා ඉහළ නැංවීම සිය ඉලක්කය බව අමාත්‍යවරයා පැවසුවේ ය.