මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට..

පුද්ගලයින් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 02-12-2023 | 8:33 AM

COLOMBO (News 1st) – විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, ගම්පහ පොලීසියට ලැබුණු පැමිණිලි 4 කට අදාළවයි.

පුද්ගලයින්ට විදෙස් රැකියා ලබාදෙන බව පවසා ඔහු රුපියල් ලක්ෂ 47 කට අධික මුදලක් වංචා කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුගම්පොළ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.