.webp)
COLOMBO (News 1st) – දකුණු අන්දමන් මුහුදේ සහ ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඒ, ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය, ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක්ව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම හේතුවෙන් ය.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ද, දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙසයි.
මේ අතර, වර්ෂාවත් සමග නැගෙනහිර පළාතේ ජලාශ කිහිපයක වාන් දැමීම ආරම්භ වී ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ , ජලාශවල සමස්ත ධාරිතාව ද 70% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.