වැඩබලන පොලිස්පතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

දේශබන්දු තෙන්නකෝන්ට මාස 3ක කාලයක් පොලිස්පති ධුරයේ වැඩබැලීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

by Staff writer 01-12-2023 | 5:15 PM

COLOMBO (News 1st) - වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර තිබේ.

කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව තහවුරු කළේ ය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ජනාධිපතිවරයා විසින් මාස 3 ක කාලයක් සඳහා පත් කළේ ය.

ඒ, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.

මෙම පත්කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබු අතර එම පත්කිරීම අද රැස්වූ එම සභාව අනුමත කළේ ය.