උගන්ඩාව 20 යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

උගන්ඩාව 2024 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

by Staff writer 01-12-2023 | 1:28 PM

COLOMBO (News 1st) – උගන්ඩාව, 2024 පන්දුවාර  20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය. 

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා අප්‍රිකානු කලාපීය සුදුස්සන් තේරීම් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට උගන්ඩාව සමත් විය.

එම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම්වලට පමණක් 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග කිරීමේ අවස්ථාව හිමියි.

ඒ අනුව අදාළ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නැමීබියාව සමග උගන්ඩාව ලෝක කුසලාන වරම් දිනා ගනිද්දී, සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරෝතතු බිඳ වැටිණ.

උගන්ඩාව ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.