සංචාරකයින් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි

සංචාරකයින් රැගත් බස් රථයක් වස්කඩුවේදී දුම්රියක ගැටෙයි: සංචාරකයින් දෙදෙනෙකුට තුවාල

by Staff writer 29-11-2023 | 6:07 AM

COLOMBO (News 1st) - අලුත්ගම සිට කොළඹ බලා යන දුම්රියක වස්කඩුව කොස්ගස්හන්දියේදී සංචාරකයින් රැගත් බස් රථයක ගැටී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, චෙක් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ගාලු පාර දෙස සිට මුහුදුබඩ දෙසට ගමන් කළ බස් රථයක සිටි සංචාරකයින් පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

අනතුරින්, සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය රියැදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

සිද්ධියෙන් දුම්රියට හා බස් රථයට දැඩි හානි සිදුව ඇත.

මේ හේතුවෙන් අලුත්ගම සිට කොළඹ බලා ගිය මෙම දුම්රිය පමණක් අවලංගු වූ බව දුම්රිය පාලක මැදිය පැවසීය. 

ඔහු පැවසුවේ, අනෙකුත් දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි සිදුවන බවයි.