.webp)
එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, එමගින් මෙගාවෝට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවය.
මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ලබන මස 16 වැනි දා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර වර්ෂාවත් සමග මේ වනවිට දෛනික විදුලි බල ජනනයෙන් 65% ක්ම සිදු වන්නේ ජල විදුලියෙනි.
වසරේ මේ දක්වා කාලය තුළ ජල විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කළේ, පසුගිය දින කිහිපයේදී බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කළේ, තම අධිකාරියට අයත් ජලාශවල ධාරිතාව සමස්ත ධාරිතාවයෙන් 88% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ජල විදුලිය සඳහා උපරිමයෙන් ජලය නිකුත් කිරීම මේ වනවිට සිදුවන බව ද එම අධිකාරිය සඳහන් කළේ ය.