.webp)
සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.
කටාර් බලධාරීන් යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ ය.
සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.
ඊට ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළත් වේ.
සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කනත්වන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුමේ හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200කි.
ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි.
ඒ අතුරින් 6000ක් දරුවන් ය.