ජීවිතයට යම් හානියක් වුණොත් ජනපති හා සාගල ඇතුළු පිරිස වගකියන්න වෙයි - රොෂාන් රණසිංහ

by Staff writer 27-11-2023 | 11:13 AM

COLOMBO (News 1st) –  තමාගේ ජීවිතයට අවදානමක් ඇති බවත්, ජීවිතයට යම් හානියක් වුවහොත්, ඊට ජනපති හා සාගල රත්නායක ඇතුළු පිරිස වගකිවයුතු බවත්, අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව  සඳහන් කළේ,  අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. 

''මාව මහමග මරලා දාන්න පුළුවන්... ඒක අදද හෙට ද දන්නේ නෑ..ජනාධිපතිවරයත්, සාගල රත්නායක් ඉදලා ඒකට වග කියන්න වෙයි''