ශිෂ්‍යත්වයට අදාළ දේශන හා පන්ති 11 වැනිදා සිට තහනම්

ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට ශිෂ්‍යත්වය අවසන් වනතෙක් උපකාරක පන්ති තහනම්

by Staff writer 04-10-2023 | 7:55 AM

COLOMBO (News 1st) -  5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වේ.

පෙරවරු 9.30 සිට 10 .45 දක්වා දෙවැනි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙ