ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයත් පරදී

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයත් පරදී..

by Hashini De Mel 03-10-2023 | 11:43 PM

COLOMBO (News 1st) - ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ඒ, අනුව ඇෆ්ගනිස්ථානයට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 06ක ජයක් හිමිවිය.

ඉන්දියාවේ ගුවහාටිහිදී පැවති තරගයේ  කාසියේ වාසිය හිමිකරගත් ඇෆ්ගනිස්ථානයේ ඇරයුමෙන් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.

ඒ අනුව පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේදී ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු ගණන 294කි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කදී ලකුණු 158ක් ලබා ගැනීමට සමත් විය.

අනතුරුව ඇෆ්ගනිස්ථානය පන්දුවට පහර දෙන අවස්ථාවේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ, හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 42ක් තුළ ලකුණු 257ක ඉලක්කයක් හිමිවිය.

එය පන්දුවාර 38යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසු කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

ශ්‍රී ලංකාව මීට පෙර බංග්ලාදේශය සමග සහභාගි වූ පුහුණු තරගයත් පරාජයට පත්විය.