බස්නාහිරට ගුරුවරුන් 4000ක් බඳවා ගැනීමේ තීරණයක්

බස්නාහිර පළාතට ගුරුවරුන් 4000ක් බඳවා ගැනීමේ තීරණයක්

by Staff writer 03-10-2023 | 7:16 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතට ගුරුවරුන් 4000 ක් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සඳහන් කළේ, ඒ සඳහා උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවයි.

ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට බස්නාහිර පළාතේ ඇති ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 4000 කි. 

විශේෂයෙන් ඉංග්‍රිසි හා දමිල භාෂා ඉගැන්වීමට ගුරුවරුන් නොමැතිවීම ගැටලුවක් වි ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ ය.