ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම: නිලධාරින් ගැන විමර්ශන

ව්‍යාජ චෝදනා ගොනු කර පුද්ගලයින් පිරිසකට නඩු පැවරූ පොලිස් නිලධාරින් ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන..

by Staff writer 30-09-2023 | 7:13 AM

COLOMBO (News 1st) –  ව්‍යාජ චෝදනා ගොනු කර පුද්ගලයින් පිරිසකට නඩු පැවරූ පොලිස් නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  

එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා ගොනු කරමින් පොලිසිය, අදාල පුද්ගලයින් පිරිසට නඩු පවරා ඇති බවයි.

කෙසේ වෙතත් එම ඝාතනය සිදුව ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකින් බවට මහාධිකරණය නිගමනය කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.