වැසි සහිත කාලගුණයෙන් 3244ක් පීඩාවට..

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් 3244ක් පීඩාවට..

by Staff writer 30-09-2023 | 1:12 PM

COLOMBO (News 1st) – ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව සිටී. 

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 151 ක් වන අතර, එහි පුද්ගලයින් සංඛ්‍යාව 594 කි. 

මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.