ඩෙංගු මදුරු කීට ඝණත්වය යළි ඉහළට..

ඩෙංගු මදුරු කීට ඝණත්වය යළි ඉහළට.. - සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය

by Staff writer 30-09-2023 | 7:15 AM

COLOMBO (News 1st) – වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ, වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩිවී ඇති බවයි.

මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ යා හැකි බව ඔහු සඳහන් කළේ ය. 

මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 2500 දෙනෙකු වාර්තාවී ඇතැයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.