.webp)
COLOMBO (News 1st) – හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇපමත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළේ ය.
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද කොටස් එකලස් කොට, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාගත කර තිබිණ.
එම නඩුව අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝග කළේ, මුතුහෙට්ටිගම මහතා රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
අදාළ වාහනය ලියාපදංචි කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතු කිසිදු ලියවිල්ලක් ලබාදී නොමැති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
ඊට අදාළ ලියවිලි ඇත්නම් ඒවා ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම්දී ඇතත්, මේ දක්වා කිසිදු ලියවිල්ලක් තමුන්ට හෝ අධිකරණයට ඉදිරිපත් නැතැයි පොලිසිය අධිකරණයේදී අනාවරණ කළේ ය.