හුංගමදී පුද්ගල ඝාතනයක්

හුංගමදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 25-09-2023 | 9:30 AM

COLOMBO (News 1st) –  හුංගම මාරගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ, කහමෝදර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. 

පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.