.webp)
රේගු මාධ්‍ය ප්‍රකාශක, සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි.
බිස්කට් ටින් තුනක අසුරා ඔහු මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති කොකේන් ප්‍රමාණය, කිලෝ 4 කි.
34 හැවිරිදි සැකකරු, ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළේ සිට කටාරයේ දෝහා ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණ තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාරදී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.