පොලිස් නිලධාරීන්ට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට..

පොලිස් නිලධාරීන්ට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 25-09-2023 | 8:22 AM

COLOMBO (News 1st) – ගල්කිස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ට පහරදුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ගල්කිස්ස මුහුදේ ගල්පර සහිත අනතුරුදායක ස්ථානයක පිරිසක් අනාරක්ෂිතව දියනාමින් සිටින බවට වෙරළාරක්ෂක ඒකකයේ නිලධාරින්ට තොරතුරක් ලැබී ඇති බවයි.

ඒ අනුව ගිය පොලිස් නිලධාරීන්, අදාළ පුද්ගලයින්ට එම ස්ථානයෙන් ඉවත් වන්නැයි අවවාද කර තිබේ. 

එම අවස්ථාවේ අදාළ පුද්ගලයින් පොලිස් නිලධාරීන්ට බැණ වැදී පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රත්මලාන, පිලියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

එහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. 

ඉන් එක් අයෙක් ප්‍රතිකාර ලබා, රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.