මිහින්තලේ පුද්ගල ඝාතනයක්..

සාදයක ආරවුලක් දුරදිග යාමෙන් මිහින්තලේ පුද්ගල ඝාතනයක්..

by Staff writer 24-09-2023 | 5:41 PM

COLOMBO (News 1st) –  මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

පොලිසිය පැවසුවේ , ඊයේ රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු ආරවුලකදී එම පහරදීම සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් තිබේ. 

එලෙස මියගොස් ඇත්තේ මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.