මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමේ එකඟතාවක්..

මහ කන්නයේදී බෝග වර්ග 13ක් වගා කිරීමේ එකඟතාවක්..

by Staff writer 24-09-2023 | 5:03 PM

COLOMBO (News 1st) – ඉදිරි මහ කන්නයේදී ආහාර බෝග 13 ක් වගා කිරීමට එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත් කර ඇති බෝග නායකයින් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී ය.

වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝයා බෝංචි, කුරක්කන් , තළ, උඳු සහ රටකජු එලෙස වගා කිරීමට තීරණය කර තිබේ. 

ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක්, අවශ්‍ය ප්‍රමාණයට සහල් සහ වී තොග රට තුළ පවතින බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.