ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 24-09-2023 | 7:14 AM

COLOMBO (News 1st) - දේශීය පුවත් 

01.ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට බලකර සිටී.

02.ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගාල්ල, පහළ ඩික්සන් මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

03.හරක්කටා පලා යෑමේ සැලසුමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

 නඳුන් චින්තක හෙවත් හරක්කටා අත්අඩංගුවෙන් පලා යාමේ සැලසුමට යොදාගත් මෝටර් රථය හා එය පදවා ගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය භාරයට ගෙන තිබේ. 

04.කඹුරුපිටිය, කිරඹ ආර ඔයේ ගිලී සිසුවෙකු මරුට..

කඹුරුපිටිය, සපුගොඩ ප්‍රදේශයේදී කිරඹ ආර ඔයේ ගිලී පාසැල් සිසුවෙකු මිය ගොස් තිබේ.

05.වී මිල තීරණය කිරීමට කමිටුවක්..

වී මිල තීන්දු කිරීමට කමිටුවක් පත් කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

විදෙස් පුවත් 

01.යුක්‍රේන ජනපති කැනඩා පාර්ලිමේන්තුව අමතයි..

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු වරට කැනඩාවට ගොස් තිබේ.