ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 23-09-2023 | 8:57 PM

COLOMBO (News 1st) - ගාල්ල, පහළ ඩික්සන් මාර්ගයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ කවුරුන් විසින් ද යන්න, මෙතෙක් අනාවරණය වී නොමැත.