සයිබර් ප්‍රහාරය එල්ල කළ පාර්ශ්ව ගැන තොරතුරු CIDයට

රාජ්‍ය විද්‍යුත් ලිපින රැසකට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන තාක්ෂණ අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි

by Staff writer 13-09-2023 | 6:36 AM

COLOMBO (News 1st) - පසුගිය දා මෙරට රාජ්‍ය විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තාක්ෂණ ආමාත්‍යාංශය පවසයි.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා සඳහන් කළේ, ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයෙන් හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

පසුගිය අගෝස්තු 26 වැනි දා එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරයෙන් GOV.LK ඩොමේන් නාමය යටතේ ඇති රජයේ ආයතන රැසක දත්ත අහිමි වූ බව අමාත්‍යාංශය පැවසීය.

රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා සඳහන් කළේ, මේ වනවිට අදාළ සයිබර් ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.