පාස්කු විමර්ශනවාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - ජනපති

by Staff writer 10-09-2023 | 5:14 PM

COLOMBO (News 1st) – පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.