නාවික හමුදා මූලස්ථානයේ සෙබලෙකුගේ මළ සිරුරක්..

නාවික හමුදා මූලස්ථානයේ තිබී සෙබලෙකුගේ මළ සිරුරක් හමුවෙයි

by Staff writer 07-09-2023 | 3:30 PM

COLOMBO (News 1st) – නාවික හමුදා මූලස්ථානයේ තිබී සෙබලෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. 

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ, ඔහු නිදා සිටියදීම මරණයට පත්ව ඇති බවයි.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එහි ස්ථානීය පරීක්ෂාව කර තිබේ. 

අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත්තේ, මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසයි.

මෘත ශරීරය නාවික හමුදා සෙබලාගේ සොහොයුරාට භාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, මියගොස් ඇත්තේ, 40 හැවිරිදි පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.