අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට රු.මිලියන 1550ක් බැංකු

ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට රු. මිලියන 1550 ක් බැංකු වෙත..

by Staff writer 07-09-2023 | 4:34 PM

COLOMBO (News 1st) – ජූලි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 1550 ක මුදලක් බැංකු වෙත බැර කර තිබේ. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ , ප්‍රතිලාභීන් දෙලක්ෂ 57,170 දෙනෙකු සඳහා ගෙවිය යුතු මුදල එලෙස බැර කළ බවයි.

ඒ අනුව අදාළ මුදල් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කරනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.