හීත් ස්ට්‍රීක් ජීවන ගමනට සමුදෙයි..

සිම්බාබ්වේ සුපිරි ක්‍රිකට් තරුව හීත් ස්ට්‍රීක් ජීවන ගමනට සමුදෙයි...

by Chathuranga Rajapaksha 03-09-2023 | 2:58 PM

COLOMBO (News 1st) –  COLOMBO (News 1st) - සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වූ හීත් ස්ට්‍රීක් (Heath Streak) අභාවප්‍රාප්ත වී ඇත.

ඒ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

අභාවප්‍රාප්ත වනවිට හීත් ස්ට්‍රීක් 49 හැවිරිදි වියේ පසුවිය. 

හීත් ස්ට්‍රීක් මියගිය බව ඔහුගේ බිරිඳ(Nadine Streak) සිය Facebook ගිණුම හරහා සටහනක් තබමින් තහවුරු කර තිබේ.

 

හීත් ස්ට්‍රීක් 1993 සිට 2005 දක්වා වසර 12ක් සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

ඔහු කලක් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය.

තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස දස්කම් දැක්වූ හීත් ස්ට්‍රීක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 65ක් සහ ජාත්‍යන්තර එක්දින තරග 189කදී සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කර තිබේ.

එහිදී ටෙස්ට් කඩුලු 216ක් සහ එක්දින කඩුලු 239ක් ලබා ගැනීම විශේෂත්වයකි.

ටෙස්ට් අර්ධ ශතක 11ක් සහ ටෙස්ට් ශතකයක් ද හීත් ස්ට්‍රීක් ලබාගෙන තිබේ. 

එක්දින පිටිය තුළ ඔහු අර්ධ ශතක 13ක් ලබාගෙන ඇත.