ලක්මව බැබළ වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහි පළමු ක්‍රිකට් ජය වාර්තා කරයි..

by Haindu Gihan 03-09-2023 | 7:45 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගයක් ජය ගත්තේ ය.

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

එංගලන්තයේ චෙල්ම්ස්ෆර්ඩ්හිදි පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 104ක් පමණයි.

ලකුණු 105ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.