.webp)
COLOMBO (News 1st) - ජලාශ සිඳී යාමත් සමග ඒ ආශ්‍රිත මැණික් නිධි ගොඩගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ, පරිසරයට හානියක් නොවන පරිදි මැණික් නිධි ගොඩගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි, අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව මහවැලි අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනය සහ විදුලිබල අමාත්‍යංශය කැඳවා වාර්තාවක් ලබාදෙන්නැයි උපදෙස් දී තිබේ.
ඊට අදාළ වාර්තාව ලද පසු අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර අදාළ ආයතනවලට බලය පැවරීමට නියමිත බව, ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ ය.