ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද

by Staff writer 31-08-2023 | 7:52 AM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) පැවැත්වේ.

ඒ, බංග්ලාදේශයට එරෙහිවයි. 

තරගාවලියේ බී කාණ්ඩයෙන් පැවැත්වෙන පළමු තරගය මෙයයි.

දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 51ක් පවත්වා ඇත.

ඉන් තරග 40ක්ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

තරග 9ක් බංග්ලාදේශය ජය ගත්තේ ය.

තරග දෙකක් අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද (31) තරගය පස්වරු 3.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව සහ සිරස TV වෙබ් අඩවිය ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.