අස්වැසුම මුදල් අද බැංකුවලට....

අස්වැසුම මුදල් අද බැංකු වලට.... අභියාචනා සළකා බැලීම තවදුරටත්..

by Staff writer 28-08-2023 | 7:37 AM

COLOMBO (News 1st) – අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට (29)හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.  

පළමු අදියරේදී අස්වැසුම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව, ලක්ෂ 8 කි. 

අමාත්‍යවරයා සඳහන් කළේ , ඊට අදාළ මුදල්, මහා භාණ්ඩාගාරයෙන් අද බැංකු වෙත ලබාදෙන බවයි.

අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කර ඇතැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ,  ජූලි මාසයට අදාළ ගෙවීම් පළමුව සිදු කරන බවයි.