රන්න ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ජලය නිකුත් කෙරේ

හම්බන්තොට, රන්න ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ජලය නිකුත් කිරීම ඇරඹෙයි..

by Staff writer 27-08-2023 | 8:27 AM

COLOMBO (News 1st) –  වියළි කාලගුණයත් සමග නතරවී තිබූ හම්බන්තොට, රන්න ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ජලය නිකුත් කිරීම ආරම්භ වී තිබේ. 

ඒ, එම ජල යෝජනා ක්‍රමයට ජලය ලබාගන්නා කට්ටකාඩු වැවට මහවැලි ජලය නිකුත් කිරීම හේතුවෙන් ය.

ඒ අනුව රන්න ජල සම්පාදන ක්‍රමයට අයත් පවුල් 14,000 කට ජලය ලබාදීම ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කළුආරච්චි මෙනවිය සදහන් කළේ ය. 

මේ අතර, අඟුණකොළපැලැස්ස ප්‍රදේශයට ද බාධාවකින් තොරව ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි ඇය සඳහන් කළා ය.

ඒ, එරමිණියාය වැවට මහවැලි ජලය නිකුත් කිරීම හේතුවෙන් ය.