හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 22-08-2023 | 8:53 PM

COLOMBO (news 1st) - හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් හෝටලයේ හිමිකරු තුවාල ලබා ඇති බවයි.

නවාතැන් ගැනීමට පැමිණෙන මුවාවෙන් පැමිණි පුද්ගලයින් හතර දෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, තුවාල ලැබූ හෝටල් හිමිකරුගේ මිත්‍රයායි.

හෝටල් හිමිකරු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි.