ඇෆ්ගනිස්ථානයට එරෙහිව පකිස්ථානයට දැවැන්ත ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පකිස්ථානයට දැවැන්ත ජයක්

by Staff writer 22-08-2023 | 8:32 PM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 142ක දැවැන්ත ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායම අද(22) සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පකිස්ථානය ඉදිරියෙන් සිටී.

හම්බන්තොට දී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1කදී ලකුණු 201කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

එය එක්දින තරගයක පහසු ජයග්‍රාහී ඉලක්කයක් වුවත් පකිස්ථාන පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානයේ සියලු පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 2ක් තුළ ලකුණු 59 කට දැවී ගියේය.